― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලන්දේසින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

ලන්දේසින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

වසර 200කට පමණ පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානී සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළිත් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

දේශීය සහ විදේශීය පර්යේෂකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකිනුයි මෙම කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට අයත් බවට තහවුරු වී ඇත්තේ.

නෙදර්ලන්ත කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිම කළ පිහියක් මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවට අයත්ව තිබු බවට සැලකෙන කාල තුවක්කු දෙකක් මෙලෙස මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බවට හෙළිවී තිබෙනවා.

වසර 1765 දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවට ද තහවුරු වී තිබෙනවා.

පර්යේෂණයෙන් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙසට බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක නෙදර්ලන්තයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව එරට බලධාරීන් සිදු කළ සාකච්ඡාවකින් පසු තීරණය කර ඇත්තේ ඒවා නැවත ශ්‍රී ලංකාවට භාරදිය යුතු බවටයි.

එය අද ගැසට් නිවේදනයක් මගින් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.