23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහොරු අල්ලනවා කියන අය ආණ්ඩුවට ගියාම වෙන්නේ මේකයි

හොරු අල්ලනවා කියන අය ආණ්ඩුවට ගියාම වෙන්නේ මේකයි

කිසිම තොරතුරක් නැතුව මිනිස්සුන්ට හොරු හොරු යැයි පැවසීම නියම හොරුන්ට කරන ලොකුම සේවය බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ සිටියදී හොරු අල්ලන බව කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින් දෙපැත්තට බෙදී බැන ගන්නා බවයි.

හැමදාම වෙනස් වනුයේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බවත් මෙය තනිකරම විහිළුවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.