28 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකංසා වවන්න අවසර ලැබෙන හැටි ඇමති කියයි

කංසා වවන්න අවසර ලැබෙන හැටි ඇමති කියයි

ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

ඊයේ (06) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා නව පනත් කෙටුම්පතට අදාළ කරුණු පැහැදිලි කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ මෙලෙස කංසා වගා කිරීමට බලය ලැබෙනු ඇති.

නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන.