25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනව පොලිස්පති ඉදිරි පැය කිහිපයේදී - අගමැති

නව පොලිස්පති ඉදිරි පැය කිහිපයේදී – අගමැති

නව පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය ගණනාව තුළ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව පොලිස්පතිවරයා පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් අද (07) පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොලිසියට අදාළ සේවා කටයුතු ඒ ඒ පළාත්වල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සිදුකරගෙන යන බවයි.

පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය ජුනි 26 වනදා අවසන් වුණා. සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.