― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅක්ෂි රෝහලේ මතබේධාත්මක නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

අක්ෂි රෝහලේ මතබේධාත්මක නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු මියගිය කාන්තාවට සැත්කම වෙනුවෙන් ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධ සියල්ල පරීක්ෂා කිරීම වෙනුවෙන් ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමු කර ඇති බවයි.

අදාළ කාන්තාව මරණයට පත්වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවට ද මෙහිදී අනාවරණ වුණා.

පසුගිය 4 වනදා ජාතික අක්ෂි රෝහලේදී සිදු කළ සැත්කමකින් පසු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වු අතර ඇයගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

මෙම කාන්තාවගේ මරණයත් සමග නිර්වින්දන ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා එක්ව මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ මියගිය කාන්තාවගේ හෘදය සියයට 80ක් පමණ අවහිර වී තිබී ඇති අතර නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු ඇයගේ හෘදය අකර්මන්‍ය වීමෙන් මරණය සිදුවී ඇති බවයි.

එබැවින් එම මරණයට නිශ්චිත හේතුව අදාළ නිර්වින්දන ඖෂධය ලබාදීම ද යන්න පිළිබඳ නිගමනයකට එළඹීමට නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් අදාළ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.