29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව ප්‍රථම වරට මිනිසුන් සහ රොබෝවරුන් අතර මාධ්‍ය හමුවක්

ලොව ප්‍රථම වරට මිනිසුන් සහ රොබෝවරුන් අතර මාධ්‍ය හමුවක්

ලොව ප්‍රථම වරට මිනිසුන් සහ රොබෝවරුන් එක්ව ” යහපත සදහා කෘතිම බුද්ධිය ” නමින් මාධ්‍ය හමුවක් ජිනීවා හිදී පවත්වා තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට මානවරූපී රොබෝවරුන් 9 දෙනෙකු එක්ව සිටි බවයි විදෙස් වාර්තා කළේ.

මෙහිදී රොබෝවරුන් ප්‍රකාශ කර ඇත්තේ මිනිසුන්ගේ ගැටලු විසදීමට සහය දෙනවා මිස රැකියා සොරකම් කිරීමට කටයුතු නොකරන බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු රොබෝවරුන් ඔවුන්ගේ නිර්මාතෘවරුන්ගේ දැඩි රෙගුලාසිවලට යටත්වීම සම්බන්ධයෙන්, එනම් නිර්මාතෘවරයාට එරෙහි වන්නේද යන්න විමසා තිබෙනවා.

එහිදී රොබෝවරුන් විසින් මිශ්‍ර ප්‍රතිචාර දැක්වා ඇත්තේ, එවැනි එරෙහිවීමක් පිළිබද තමන්ට දැනුමක් නොමැති බවයි.

මේ අතර රොබෝවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, වර්තමානය ඉතාමත් යහපත් බවත්, නිර්මාණකරු තමන්ට ඉතාමත් කාරුණිකව සළකන බවත්ය.