32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ මුදල් සමඟ 16 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් සමඟ 16 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් සමග බාලවයස්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (06) සවස මන්නාරම තල්පාඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමකදීයි මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනුනේ.

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් සමග අවුරුදු 16ක පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුව මන්නාරම නගරයේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 8ක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 10ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 15ක් සමග 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාම මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පරීක්ෂණ සඳහා භාරදී ඇත්තේ මන්නාරම පොලිස් ස්ථානය වෙතටයි.

ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ 21 හැවිරිදි සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

අවුරුදු 16 සැකකරු තෙලිප්පලේ ළමා නිවාසයේ රැඳවුම් භාරයට පත් කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විමර්ශණ සිදු කරනවා.