27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනමකට සහ කතුන් දෙදෙනෙකුට බැට දුන් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

හිමිනමකට සහ කතුන් දෙදෙනෙකුට බැට දුන් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

වගමුව, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සිද්ධියට මේ වනවිට සැකකරුවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව නවගමුව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (08) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විහාරස්ථානය තුළදී පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර ලබා නවගමුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා ද අද දිනයේ පොලිස් ස්ථානය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්වුණේ පල්ලේගම සුමන නැමැති භික්ෂුවක්.

පිරිසක් විසින් විහාරස්ථානය තුළදී හිමිනමට සහ කාන්තාවන් දෙදෙනාට පහරදෙන ආකාරය දැක්වෙන අදාළ සිදුවීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.