― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot News292කට දිවි අහිමි කළ ඉන්දියාවේ දුම්රිය අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

292කට දිවි අහිමි කළ ඉන්දියාවේ දුම්රිය අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයින් 292කට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙකි.

පසුගිය ජූනි දෙවැනිදා රාත්‍රියේ සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්විය.

එම අවස්ථාවේදී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකද ගැටුණු අතර ඉන් විනාඩි කිහිපයකට පසුව තවත් සීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී මෙම දරුණු අනතුර සිදුවිය.

අනතුරින් පුද්ගලයින් 292 දෙනෙකුට දිවි අහිමිවූ අතර තුවාල ලැබූ පිරිස දහසක් පමණ වෙයි.

අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක විය.

ඉන් අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවූ ආසන්නයේ තිබුණු දෝෂ සහගත දුම්රිය මාර්ග බාධකයක් හේතුවෙන් දුම්රිය සංඥා පරිපථයේ සිදු කරන ලද වෙනස් කිරීම් මෙම අනතුරට හේතු වී ඇති බවයි.

ලොව සිව්වන විශාලතම දුම්රිය ජාලය ඉන්දියාව සතු වන අතර දෛනිකව දුම්රිය ගමන්වාර 14,000ක් හරහා මගීන් මිලියන 21ක් ප්‍රවාහනය වෙයි.