27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන්

අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන්

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.

වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන අද (09) රන්න,වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ, මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බවයි.