― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපකාරක පන්ති ගිහින් අතුරුදන් වූ සිසුවිය මාස 8කට පසු යළි හමුවෙයි

උපකාරක පන්ති ගිහින් අතුරුදන් වූ සිසුවිය මාස 8කට පසු යළි හමුවෙයි

උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගොස් අතුරුදහන්ව සිටි පාසල් දැරියක මාස අටකට පසු හමුවී තිබෙනවා.

පසුගිය 7 වනදා මෙම දැරිය හමුවී ඇත්තේ තරුණයෙකු සමග පෑලියගොඩ ප්‍රදේශයේ තවත් කුලී නිවසක සිටියදී යි.

අතුරුදන් වන විට 14 වන වියෙහි පසුවූ මෙම දැරිය ලුණුගල සූරියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

උපකාරක පන්ති යන බව පවසා තම දෙමාපියන්ට පවසා පසුගිය 2022 වසරේ දෙසැම්බර් 24 දින නිවසින් පිටව ගොස් ඇති දැරිය නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් ලුණුගල පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරිය පිළිබඳ සොයා බැලුව ද තොරතුරක් නොලැබීම හේතුවෙන් දිවයිනේ අනෙක් පොලිස් ස්ථාන දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

එම තොරතුරු මත පෑලියගොඩ පොලිසිය විසින් මෙම දැරිය කුලී නිවසක සිටින බවට තහවුරු කර ගැනිමෙන් පසු ඇයගේ පෙම්වතා බවට පැවසෙන සූරියගොඩ ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන ලුණුගල පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණයා සහ දැරිය ඊයේ (08) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු නියෝග කෙරුණේ තරුණයා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමටත් අධිකරණය නියෝග කර තිබෙනවා.