27.8 C
Colombo
Wednesday, September 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දීයි සිදු කෙරුණේ.

අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා (Tsukuba) විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

ඔහු ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙක්.