27.8 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනායක හිමිගේ මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රියදුරා අත්අඩංගුවට

නායක හිමිගේ මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රියදුරා අත්අඩංගුවට

මතුගම හොරවල ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේගේ මෝටර් රථයෙන් හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකළ රියදුරු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුවයි ඊයේ (08) සවස මීගහතැන්න මොරගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත්තේ.

එහිදී හොරවල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේට අයත් මෝටර් රථයෙන් හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකළ රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් නිලධාරීන් මෙම මෝටර් රථය ගැවසෙන ස්ථාන සොයා විශේෂ මාර්ග බාධකය යොදා මෝටර් රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුනේ යට සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 15ක් සහ ගංජා ග්‍රෑම් 100ක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරු ස්වාමීන් වහන්සේට අයත් මෝටර් රථය යොදාගෙන ප්‍රදේශ රැසකම හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.