25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනෙදර්ලන්තයට පහසු ඉලක්කයක්

නෙදර්ලන්තයට පහසු ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයින් තීරණය කරන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 232ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට සහන් ආරච්චිගේ සමත් වූ අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ලකුණු 43ක් රැස්කළ අතර පන්දු 36ක් තුළ ලකුණු 36ක් රැස්කරගෙන සිටිය දී චරිත් අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අද තරගයේ දීත් සිය පිතිකරණ වගකීම හරිහැටි ඉටු නොකළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පහසු උද පන්දුවක් ලබාදෙමින් එක් ලකුණකට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු තත්ත්වයකට පත්කරමින්.

වනිඳු හසරංග ලකුණු 29ක් රැස්කළ අතර, ඉනිමේ අවසන් භාගයතෙක් කඩුල්ලේ රැඳීසිටි මහිෂ් තීක්ෂණ රැස්කළ ලකුණු සංඛ්‍යාව 13ක්.

පන්දු යැවීමේ දී සකීබ් සුල්ෆිකාර් ලෝගන් වෑන් බීක්, රයන් ක්ලයින් සහ වික්‍රම්ජිත් සිං අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට පන්දුවාර 50ක් තුළ ලකුණු 233ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.