29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පාකිස්ථාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති බවයි.

ඔවුන් අද උදෑසන 09ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී.ක්‍රිකට් පිටියේ දී දෙරට අතර ටෙස්ට් තරග පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මෙම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබු බව ද සඳහන්.