27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් යන බව පවසා නිවසින් පිටවී ගිය සිසුවිය අතුරුදන්

පාසල් යන බව පවසා නිවසින් පිටවී ගිය සිසුවිය අතුරුදන්

පසුගිය ජුනි මස 28 වනදා සිට අතුරුදන්ව සිටින පාසල් සිසුවියක් සම්බන්ධයෙන් අම්පාර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අම්පාර ගල්මඩුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය පාසල් යන බවට පවසා නිවසින් ගිය ද පාසලට ගොස් නොමැති බවටයි හෙළිවී ඇත්තේ.

පාසලෙන් කළ සොයා බැලීමේදී එදින නාම ලේඛනයේ ඇයගේ නම සටහන් වී නොමැති බවයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව දෙමව්පියන් මෙම සිසුවියගේ අතුරුදන්වීම පිළිබඳ අම්පාර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දෙමව්පියන් පවසන්නේ තම දියණිය අතුරුදන් වී දින 12ක් ගතවී ඇතත් මෙතෙක් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

මෙම සිසුවිය උදෑසන පාසල් නිල ඇඳුමින් සැරසී අම්පාර – ඉගිණියාගල මාර්ගයේ ගමන් කරන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ අම්පාර හෑගොඩ ඉන්ද්‍රසාර විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්.