― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස්පති ධුරය ගැන අවසන් තීරණය අද

පොලිස්පති ධුරය ගැන අවසන් තීරණය අද

මේවන විට පුරප්පාඩු වී පවතින පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිතව තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවාද ? නැතහොත් පොලිස්පතිව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පවරා ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් අද (09) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරයක් ගනු ඇති බව සඳහන්.

පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් වුණා.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමක මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නැහැ.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයෙකු පත් කරනු ඇති බවත් සඳහන්.