29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමඟුල් ගෙදර යන ගමන නැවැත් වූ නිසා අවසන් ගමන් ගිය පාසල් සිසුවිය

මඟුල් ගෙදර යන ගමන නැවැත් වූ නිසා අවසන් ගමන් ගිය පාසල් සිසුවිය

මව විසින් මගුල් ගෙදර ගමන නැවැත්වූ 13 හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඇයගේ සිරුර නිවසේ නාන කාමයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක්.

අටළුගම ප්‍රදේශයේ නෙවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටි ඇය ඊයේ (07) නේවාසිකාගාරයේ සිට තම නිවසට පැමිණ ඇති අතර නිවසට පැමිණිමෙන් පසු සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ.

ඒ සඳහා දියණිය සහභාගී වීම අවශ්‍ය නොවන බවත් තම නේවාසිකාගාරයට ගොස් එදිනට පාසල් යාමට සූදානම් වන ලෙසත් මව විසින් තම දියණියට අවවාද කර තිබෙනවා.පසුව එදින රාත්‍රි නානකාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් නාන කාමරයේ දොර කඩා බලද්දි සිසුවිය එහි එල්ලෙමින් සිටියදී සොයාගෙන ඇත.

අගලවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.