28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට බංකොලොත් කිරීමට ගත් තීරණය හරිද වැරදිද කියලා ඉක්මනට කියනවා - සාගර...

රට බංකොලොත් කිරීමට ගත් තීරණය හරිද වැරදිද කියලා ඉක්මනට කියනවා – සාගර කාරියවසම්

රට බංකොලොත්භාවයට පත් කිරීමට ගත් තීරණය නිවැරදි ද එසේත් නැතිනම් හිතාමතා ගත් වැරදි තීරණයක්ද කියා සොයා බලා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු කඩිනමින් රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

රටේ මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙස තමාට ඇති වගකීම අකුරටම ඉටුකරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම කමිටුවට අදාළ කරුණ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදීමට කාල සීමාවක් ලබාදී නැති මුත් ඉතා ඉක්මනින් ඒ ගැන සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීම තම අරමුණ බවද සාගර කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේය.