26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමනේර හිමිවරු තිදෙනෙකුට හදි කළ භික්ෂුව රිමාන්ඩ්

සාමනේර හිමිවරු තිදෙනෙකුට හදි කළ භික්ෂුව රිමාන්ඩ්

සාමණේර හිමිවරුන් 3 දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ චීවරධාරියෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා මහත්මියයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් 3 දෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (08) එම විහාරස්ථානයේ ම වැඩ සිටි හික්ෂුවක් පොලිස් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපයෝජනයට ලක් වූ බව කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලිසියට නියෝග කළේ.

නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අභියස පිහිටි අදාළ විහාරස්ථානයේ වැඩ සිටින සාමණේර හිමිවරුන් 3 දෙනෙකු සැකකාර භික්ෂුව විසින් අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය විමර්ශන සිදු කර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.