― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහඬ පටයක් ඉවත් කරන්න රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පොලිසියේ සහාය ඉල්ලයි

හඬ පටයක් ඉවත් කරන්න රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පොලිසියේ සහාය ඉල්ලයි

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ දුරකථනයෙන් පුද්ගලයකුට තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬ පටය සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන වීඩියෝ පටය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු කටයුතු පැවති එදින ඉතා කාර්ය බහුල අවස්ථාවක අදාළ පුද්ගලයා නැවත නැවතත් දුරකතන ඇමතුම් ලබා ගනිමින් ඉතා අශෝභන ලෙස කෙටි පණිවුඩ එවමින් හැසිරී ඇති බවයි අදාළ ලිපියේ දැක්වේනනේ.

ඔහුගේ එම ක්‍රියාව කිසියම් සැලසුම් සහගත න්‍යාය පත්‍රයකට අනුව සිදු කළ බව තහවුරු වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා පොලිසියට යොමු කළ ලිපියේ සඳහන්.

දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා ගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරියගේ ආරක්ෂක නිලධාරියෙකු ශාන් ගනේගොඩ නමින් හැඳින්වෙන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුට ද මෙම පුද්ගලයා බැන තර්ජනය කරමින් ඇමතිවරියට ද දැඩි දෝෂාරෝපණයක් කර ඇතැයි සඳහන්.

මෙම සංවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කෝපයෙන් එම පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පැවසෙනවා.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන අදාළ හඬ පටය රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන දෙන බැවින් එය සංසරණය වීමෙන් වැලැක්වීම සඳහා ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.