27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත් වේ.

ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ ක්‍රීඩා කළ සියලු තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ ය.

තරගාවලිය තුළ එකම අපරාජිත කණ්ඩායම වන්නේද, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් සමන්විත නෙදර්ලන්තය ක්‍රීඩා කළ තරග අතරින් තරග දෙකක් පරාජය විය.

නමුත් මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය, මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.