28 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsFacebook සාදයක් වටලා 12 දෙනෙක් අත්අඩංගුවට

Facebook සාදයක් වටලා 12 දෙනෙක් අත්අඩංගුවට

පන්විල මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයකට සහභාගී වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පන්විල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

එම සාදයට කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112 දෙනෙකු සහභාගී වී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් අවුරුදු 21ත් 33ත් අතර වයසේ පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, උකුවෙල, ගම්පොළ, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.