22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsX-Press Pearl වන්දි නඩුව සිංගප්පූරු අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟ වෙයි

X-Press Pearl වන්දි නඩුව සිංගප්පූරු අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟතාව පළ කර තිබේ.

කොන්දේසිවලින් තොර ගිවිසුමක් යටතේ එය සිදුකිරීමට එකඟතාව පළ කර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය වන්දි ඉල්ලා සිංගප්පූරුවේ පැනවූ නඩුවේ ලිපි ලේඛන, නෞකා සමාගමේ නීතිඥවරුන් වෙත ලබාදෙන්නැයි සිංගප්පූරු අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

එම නියෝගයට අනුව ලබන 14 වැනිදා අදාළ ලිපි ලේඛන ලබාදිය යුතු වෙයි.

මේ අතර, වන්දි මුදල සීමා කරමින් ලන්ඩන් අධිකරණය පැනවූ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලක් රජයට එරෙහිව ලන්ඩන් අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

මේ අතර , එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කෙරුණු විශේෂ කණ්ඩායමේ නියෝජිතයින් ලබන 17 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, දින දෙකක සාකච්ඡා සඳහා ය.