29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅපි ආණ්ඩුවට ගියේ අපිට දෙයක් කර ගන්න නෙමෙයි

අපි ආණ්ඩුවට ගියේ අපිට දෙයක් කර ගන්න නෙමෙයි

පක්ෂයට එරෙහිව යමින් තමන් ආණ්ඩුවට ගිහින් රනිල්ට සහය දුන්නේ තමන්ට යමක් කරගැනීමට නොව බදුල්ලට යමක් කරගැනීමට බවත් වරාය හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලිඇල නගරයේ සතිපොළ විවෘත කිරීමෙන් පසු පැවති ජන හමුවේදී අදහස් දක්වමිනි.

අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම නීති විරෝධියි කියලා අභියාචණාධිකරණය ශුන්‍ය බල රහිත කර තිබෙනවා. එම නිසා ලබන 14 දින පවත්වන මධ්‍යම කාරක සභාවටත්, 15 දින පවත්වන විධායක සභාවටත් අපි යනවා නැවත අපි පක්ෂයේ හිටපු තනතුරුවලට ඇවිත් පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන යන්න කටයුතු කරනවා. අපේ පක්ෂයෙන් අපිට ආණ්ඩුවට යන්න එපා කියද්දීත් අපි ආණ්ඩුවට ගිහින් රනිල්ට සහය දුන්නා. අපිට යමක් කරගන්න නොවෙයි බදුල්ලට යමක් කරගන්නයි ඡන්දය දුන්නේ.

දේශපාලනය කියන්නේ අභියෝගවලට මුහුණ දීමක් අපි හැමදාම එවන් අභියෝගවලට මුහුණ දෙනවා. සජිත්ට අගමැතිකම දෙන්න ගියා බාරගත්තේ නෑ. එයා බයයි, ඉරිසියයි, කුහකයි, දැන් එයා අඩනවා. අන්තිමට මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි සහය දුන්නා. එතුමා රට ඉදිරියට කරගෙන යනවා.

මේ රටේ ජේ.වී.පී හා පෙරටුගාමීන් රටේ උද්ඝෝෂණ තියෙනවාට කැමතියි. බෙහෙත් නැතිව, ගැස් ඉන්ධන පෝලිම් තියෙනවානම් හරිම සතුටුයි. නමුත් මේ රටේ ජනාධිපතිතුමා අද වෙද්දී රටේ තිබුන ජීවන බර ලිහිල් කළා. ඉදිරියේදි තවත් අඩු කරනවා. ජනාධිපතිතුමා ජනප්‍රිය තීන්දු වෙනුවට ගන්නේ නිවැරදි තීන්දු.