27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතාලියේදී ගඟක සැඩ පහරට හසු වී පියා සහ පුතා ජීවිතක්ෂයට

ඉතාලියේදී ගඟක සැඩ පහරට හසු වී පියා සහ පුතා ජීවිතක්ෂයට

මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගඟක නෑමට ගිය ශ්‍රී ලාංකික 25 හැවිරිදි තරුණයෙකු සැඩපහරකට හසුවී ගසාගෙන යද්දී එම තරුණයා බේරා ගැනීමට ගඟට පැන්නඔහුගේ 60 හැවිරිදි පියාද පුතු සමඟ දියේ ගිලී මිය යාමේ අනුවේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තාවෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉතාලියේ රැකියා කරන වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළයි.

ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග ඉකුත් සිකුරාදා මෙම ගඟේ නෑමට ගොස් ඇතිබව සඳහන්.

ගඟේ බැස නාමින් සිටි තරුණයා ගසාගෙන යනවා දුටු ඔහුගේ පියා එක්වරම සිය පුතා බේරා ගැනීමේ අරමුණෙන් ගඟට පැන්න අවස්ථාවේ ඔහු ද සැඩපහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් සඳහන්.