25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව හෙද හෙදියන් 3,315ක් සේවයට

නව හෙද හෙදියන් 3,315ක් සේවයට

තවත් අභ්‍යාසලාභී හෙද හෙදියන් 3,315 දෙනෙකු හෙද සේවය සඳහා බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පුහුණුව සඳහා එක්වීමේ පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ අභ්‍යාසලාභී හෙද හෙදියන් වෙත නිල වශයෙන් භාරදීම අද සිදු කරන බව එම අමාත්‍යාංශය දන්වා සිටියේය.

මෙහි කොටසක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභීන්ට මූලික පත්වීම් ලබාදීමට නියමිතය.

මීට අමතරව අනෙකුත් ප්‍රදේශවල පුහුණු හෙද හෙදියන් සඳහා සමකාලීන පත්වීම් ලිපියක් ද නිකුත් කෙරේ.

ඉහත හෙද හෙදියන් සඳහා ලියාපදිංචි හෙද පුහුණු පාසල් 15ක පුහුණුව ලබා දෙනු ඇත.

2018 සහ 2019 අධ්‍යයන පොදු තාරාතා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත අභ්‍යාසලාභී හෙද නිලධාරීන් 3315ක් තෝරාගෙන ඇත.