26.7 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්සල්වල සිද්ධි සමාජ මාධ්‍යයට දාන අයට නීතිය තදින්

පන්සල්වල සිද්ධි සමාජ මාධ්‍යයට දාන අයට නීතිය තදින්

විහාරස්ථානයක ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැලඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරෙන සහ එම සිද්ධි මාධ්‍යයට මුදාහරින පාර්ශවයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයේ සිදුවීම දැනගත් විගස පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය.

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයේ ඇතිවූ සිද්ධියට සම්බන්ධ වූ හිමිනම ගැන මහ නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත් ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

එම සිද්ධියේදී භික්ෂුවගේ හැසිරීමත්, බාහිර පාර්ශවයක් එම ස්වාමීන් වහන්සේ ඇතුළු කාන්තාවන් දෙදෙනාට පහරදීමත් වැරදි බවයි ලේකම්වරයා සඳහන් කළේ.