28.4 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුස්සැල්ලාවේදී තවත් බස් රථයක් පෙරළෙයි

පුස්සැල්ලාවේදී තවත් බස් රථයක් පෙරළෙයි

පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක් පෙරලී නුවරඑළිය – ගම්පොල මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

අද (10) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කළේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ. අනතුර සිදුවන අවස්ථාවේදී විසිදෙනෙකු පමණ බස් රථයේ සිට ඇති අතර තුවාලකරුවන්ගේ හත්දෙනෙක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලටත්, අනෙක් පුද්ගලයා වහුගපිටිය රෝහලටත් ඇතුළත්කර තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.