27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමනම්පිටිය අනතුරේ රියදුරුට කාත්තන්කුඩි යන්න බලපත්‍ර තිබී නැහැ

මනම්පිටිය අනතුරේ රියදුරුට කාත්තන්කුඩි යන්න බලපත්‍ර තිබී නැහැ

මනම්පිටියේදී ජීවිත 11ක් අහිමි කරමින් අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ අදාළ බස් රථයේ ගමනාන්තය කාත්තන්කුඩි ලෙස සඳහන් කර තිබුණද ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයක් තිබී නොමැති බවත් වාලච්චේන ආසන්න ප්‍රදේශයකට පමණක් අදාළ බස් රථයට බලපත්‍රය තිබී ඇති බවත්ය.

මෙම මාරක රිය අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 41 දෙනෙක් තුවාල ලබා ඇත.