― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වසරේ කිසිම මැතිවරණයක් නැහැ

මේ වසරේ කිසිම මැතිවරණයක් නැහැ

මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවත් ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසීය.

අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒකට තමා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් 2024 දී ජනාධිපතිවරයා බවට පත්කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. තිබුණු කරපු දේශපාලන නායකත්වයට මේ රට කරන්න බෑ කියන කාරණාව උඩ අපි එළියට ඇවිත් කිව්වා දැන් වෙනසක් ඕනේ කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ රටක් වැටුණහම භාරගන්නේ විපක්ෂ නායකවරයා. නමුත් ලංකාවේ එහෙම භාරගන්න කොන්ද පණ තියෙන විපක්ෂ නායකවරයෙක් හිටියේ නෑ. එයා පැනලා ගියා. ඒ නිසා ආසයි බයයි කියලා ප්‍රස්ථාව පිරුළක් ඇති වුණේ.