24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිජිත හේරත් පාර්ලිමේන්තුවේ කමිටුවකින් ඉල්ලා අස්වෙයි

විජිත හේරත් පාර්ලිමේන්තුවේ කමිටුවකින් ඉල්ලා අස්වෙයි

විජිත හේරත් පාර්ලිමේන්තුවේ කමිටුවකින් ඉල්ලා අස්වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු කතානායකට ලිපියක් මගින් දැනුම් දී තිබේ. ඔහු විසින් ඉදිරිපත් කළ ලිපිය පහතින්,

කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

කථානායකතුමනි,
මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි

ඉහත විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ නමද එම විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබ තිබිණි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කරනු ලැබ ඇති නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්වයක් බව නොරහසකි.
රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය. මේ තත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් මම එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.

විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2023.07.10