― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසංචාරක ඉපයීම්වල වර්ධනයක්

සංචාරක ඉපයීම්වල වර්ධනයක්

2023 වසරේ ජනවාරි සිට ජුනි දක්වා සංචාරකයින් පැමිණීම 624,874 ක ප්‍රමාණයට සාපේක්ෂව 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදය තුළ සංචාරකයින් පැමිණීම 411,377 කි. ඒ් අනුව 2022 ජුනි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2023 අනුරූප කාල පරිච්ඡේදයේ සංචාරක පැමිණීම 213,497 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2023 ජනවාරි සිට ජුනි දක්වා සංචාරක ඉපයීම් එ.ජ. ඩොලර් මිලියන 986.2ක් ලෙස වාර්තා වූ අතර, 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ එය එ.ජ. ඩොලර් මිලියන 679.6 කි. ඒ අනුව 2022 ජුනි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2023 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ එ.ඩො. මිලියන 306.6 ක වර්ධනයකි. එය රුපියල් බිලියන 154.9 ක වර්ධනයකි.