26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසවලකින් සලකා මිතුරා ඝාතනය කරලා

සවලකින් සලකා මිතුරා ඝාතනය කරලා

සවලකින් පහර දී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (10) අලුයම පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනකු පැවැත්වූ මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, කල්මඩු, ඊශ්වරිපුරම් හි පදිංචි වේලුසාමි නිශාන්තන් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.

සාදය අතරතුර පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සැකකරු සවලක් රැගෙන මියගිය පුද්ගලයාට පහරදී ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඝාතනයත් සමඟ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිට ඇති අතර ඔහු අද (10) අලුයම ඊච්චන්කුලම පොලිසිය වෙත පැමිණ තමන් විසින් කළ අපරාධය පාපොච්චාරණය කොට පොලිසියට භාරවී තිබේ.