32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමේ අභියාචනා සලකා බැලීම ඇරඹේ

අස්වැසුමේ අභියාචනා සලකා බැලීම ඇරඹේ

අස්වැසුමට එරෙහිව ලැබුණු අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවත් එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ජුලි මස 10 වනදායින් අවසන් කෙරුණි.