27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආබාධිත අයට ලයිසන් දෙන්න චක්‍රලේඛයක්

ආබාධිත අයට ලයිසන් දෙන්න චක්‍රලේඛයක්

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා නියමයන් සඳහන් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉල්ලුම්කරුගේ ආබාධිත තත්ත්වය යටතේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළව වෛද්‍ය නිර්දේශය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් එම අයැදුම්කරු තාක්ෂණික කමිටුවකට යොමු කළ යුතු බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

මේ අනුව නව කමිටුව මගින් විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධ තත්වයන් හඳුනාගෙන ඔවුන් සඳහා සුදුසු පරිදි රිය බලපත්‍ර ලබාගැනීමට අදාළ නිර්දේශ සිදුකරනු ලබයි. මෙම කමිටුව සෑම මසකම සිකුරාදාවන් වලදී රැස්වන අතර ආබාධ සහිත අයැදුම්කරුවන් සිය ඉල්ලුම්පතට අමතරව රියැදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන හා වෛද්‍ය වාර්තා ද එම කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්ව ඇත.