24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේට්හී රැඳී සිටි ලාංකිකයින් 46ක් යළි දිවයිනට

කුවේට්හී රැඳී සිටි ලාංකිකයින් 46ක් යළි දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද (11) අලුයම යලි දිවයිනට පැමිණ තිබේ.

මොවුන් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිට ඇති අතර පසුව ඔවුන් විවිධ රෝගවලට ගොදුරුවීම ඇතුළු ගැටළු හේතුවෙන් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇත.

ඒ අනුවයි මොවුන් මෙරටට රැගෙන විත් ඇත්තේ.

මෙලෙස දිවයිනට පැමිණි 46 දෙනා අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයින් බවයි වාර්තා වන්නේ.

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ තවත් 2,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ඒම සඳහා ලියාපදිංචි වී ඇති බවයි.