29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60%ක අඩුවක්

දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60%ක අඩුවක්

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 40% පමණක් දැනට නිෂ්පාදනය වන බවත් 60% ක දියරකිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වුණා.

ඒ අනුව මෙම දියර කිරිවල පවතින රික්තකය පිරවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ කෝපා කමිටුවේ සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියා. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර් 100ක් නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15,000 ක් ඇති කිරීමට වර්තමානයේ කටයුතු කර ඇති බවයි.

දැනටමත් මේ වෙනුවෙන් 2000 ක් පමණ ගොවිපොළවල් ලියාපදිංචි වී ඇති බව ද නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ සඳහා ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් වන බවයි.

එමෙන්ම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද සභාපතිවරයා නිර්දේශ කර සිටියා. මේ අතර ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ කිරි ගොවීන්ගේ ආදායම් ඉහළ නැංවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර සත්ව පාලන සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ද අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීමට යෝජනා වී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණේ.