මේ වනවිට වාර්ෂිකව නිල් කටරොළු මල් අපනයනය කිරීම මගින් ඩොලර් මිලියන දහයක පමණ විදේශ විනිමයක් මෙරටට ලැබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
අලංකාරය සඳහා වගා කළ නිල් කටරොළු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක් උපයන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මෙරට නිල් කටරොළුවල පවතින ස්වාභාවික තද නිල් පැහැය හේතුවෙන් බොහෝ විදෙස් රටවලින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැවින් මේ වනවිටත් පෝලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට මෙම මල් අපනයනය සිදුකරනු ලබයි.
ස්වාභාවික වර්ණකාරකයක්, රසකාරකයක් මෙන්ම සුවඳ කාරකයක් ලෙස මෙම නිල් කටරොළු භාවිත කරන බවත් නිල් කටරොළු මල් විජලනයට ලක්කර සම්පූර්ණ මල ලෙසත්, කුඩු ලෙසත්, කැබලි ලෙසත් අපනයනය කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.