31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවතට

බංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවතට

රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙන් විපක්ෂය ඊට විරෝධය පළ කළ අතර එහි සභාපතිත්වය ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබුණත් එය ඉටු නොවීම නිසා අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.