31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමුලතිව්හි වැසිකිලි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මුලතිව්හි වැසිකිලි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයෙන් කාලතුවක්කු සඳහා යොදාගන්නා මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගෙවත්තක පැරණි වැසිකිලි වළක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.

දීර්ඝ කාලයක් භාවිතා නොකළ වැසිකිලි වළක් ඉවත් කිරීම සඳහා ඉඩම් හිමිකරු විසින් සූදානම් වූ අවස්ථාවේ ඒ තුළ තිබූ මෝටාර් උණ්ඩ තොගය දැක ආරක්ෂක අංශ දැනුවත් කොට තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය වැසිකිලි වළට දමා යන්නට ඇති බවයි.

මුලතිව් පොලිසිය විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් වැසිකිලි වළේ තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

එම වැසිකිළි වළෙහි තිබි මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර 81 වර්ගයේ පැරා උණ්ඩ 13ක්, විදේශ රටක නිශ්පාදිත එම් 75 වර්ගයේ අත්බෝම්බ 56 ක්, ටී56 වර්ගයේ උණ්ඩ 2000ක් මිලිමීටර 60 වර්ගයේ පැරා උණ්ඩයක්, පැරා මෝටාර් චාජර් හා ආර්.පී.ජී වර්ගයේ උණ්ඩ හයක් සොයාගෙන තිබේ.