30 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්‍රන් ජෙල් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරිකයන් 5ක් අල්ලයි

රත්‍රන් ජෙල් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරිකයන් 5ක් අල්ලයි

රත්‍රන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට සූදානම්වූ ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් 16 කෝටි 40 ලක්ෂයකට ආසන්න බව සඳහන්.

සැකකරුවන් විසින් රැගෙනආ ගමන් මලු තුළ කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 650ක් බරැති මෙම රත්‍රන් ජෙල් කරල් 23ක් සහ රත්‍රන් කුඩු අඩංගු පැකට් 10ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුන් මීගමුව ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්.