30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිව් මසක් වයසැති බිලිඳා දස හැවිරිදි දරුවාට භාර දී පුද්ගලයෙක් පලා යයි

සිව් මසක් වයසැති බිලිඳා දස හැවිරිදි දරුවාට භාර දී පුද්ගලයෙක් පලා යයි

හොරණ ගල්ඒදඩුගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙක් සිව් මසක කුඩා බිලිඳෙක් දස හැවිරිදි දරුවකු වෙත භාරදී පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසනවා.

කුඩා දරුවෙකු රැගෙන පැමිණි පුද්ගලයකු නිවසේ තනිවම සිටි තම පුතුට භාර දී ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා පිටව ගිය බවත් පැය 2කට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි පවසමින් කාන්තාවක් හොරණ මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවී අද (11) සවස පවසා තිබූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අදාල නිවස වෙත කණ්ඩායමක් පිටත් කර යවා බිලිදා පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

බිලිදා දස හැවිරිදි දරුවා භාරයේ තබා පලාගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.

හොරණ මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.