― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅතරමඟ නතර වූ කොළඹ නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

අතරමඟ නතර වූ කොළඹ නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් අතරමග නතර වී ඇති කොළඹ නගරයේ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා එකඟතාවයන්ට පැමිණි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

අදාළ ආයෝජන සමාගම් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයන්ට පැමිණි බව එහි ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්දන් මහතා පැවසුවා.

නිවාස 2000කට අධික සංඛ්‍යාවක් සහිත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වන ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 30,000 අධික වේ.

ආර්ථික අර්බුදයත් සමග අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය හිඟය හා ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු රැසක් හේතුවෙන් වසරකට අධික කාලයක් එම ව්‍යාපෘතිවල ඉදිකිරිම් ඇණහිට තිබූ බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව නිවාස ඒකකවල වටිනාකම ඉහළ නංචා අදාළ නිවාස ව්‍යෘපෘති ඉදිකිරීමට කොන්ත්‍රාත් සමාගම් ඉල්ලීමක් කළ අතර එය නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කර තිබේ.

මේ වසර අවසානයට පෙර ව්‍යාපෘතිවල ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.