― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅනුරාධපුර - ඕමන්තේ දුම්රිය ධාවනය යළි ඇරඹේ

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය ධාවනය යළි ඇරඹේ

අනුරාධපුර සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා (15) යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ජනවාරි මාසයේදීයි මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාල සටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ යටතේ කිලෝමීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.