26.7 C
Colombo
Wednesday, September 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉහළම ආදායම් ලබන අයගෙන් 12% ක් සමෘද්ධිය ගන්නවා - මුදල් රාජ්‍ය ඇමැති

ඉහළම ආදායම් ලබන අයගෙන් 12% ක් සමෘද්ධිය ගන්නවා – මුදල් රාජ්‍ය ඇමැති

ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

මේ නිසා සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි.

එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටයේය.