26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

කොළඹ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 100 ක් වාර්තා වී ඇති බව කොළඹ ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඊයේ (11) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

රටේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

ලාදුරු රෝගය මාස 18 කින් සුවකළ හැකි වුවද, ආරක්ෂාකාරී නොවුණහොත් නැවත සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය නිලධාරීහු පවසන්නේ.