26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිහි ඇඳුමෙන් සැරසුණු විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට යන පාරේ

ගිහි ඇඳුමෙන් සැරසුණු විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට යන පාරේ

හතරලියැද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මාර්ගයක වැටී අබිරහස් ලෙසට අපවත් වී සිටියදී සොයාගෙන තිබෙනවා.

උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ස්වාමීන් වහන්සේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසට කටයුතු කරමින් සිටි අයෙක්.

උන්වහන්සේගේ දේහය සොයා ගන්නා අවස්ථාවේ සිවුර තිබී නොමැති අතර සරමක් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇති අතර හිස්වැසුමක් ද පැළඳ සිටි බව සඳහන්.

මෙම හිමිනම රාත්‍රී කාලයේ කිසියම් අයෙකු හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් සිටියදී මෙලෙස මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම මෙය ඝාතනයක් විය හැකි බවට සැක මතු කරමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උන්වහන්සේ 67 වන වියෙහි පසුවන අතර දේහය ආසන්නයේ තිබී එළවළු බෑගයක් සහ අතේ තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා.

හතරලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.