― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රීරෝද රථවලට අමතර උපාංග සවි කරන්න අවසර

ත්‍රීරෝද රථවලට අමතර උපාංග සවි කරන්න අවසර

ත්‍රී රෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා නිර්නායක කිහිපයකට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

ඒ ත්‍රී රෝද රථ හිමිකරුවන් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව මෝටර් වාහන පනතට (2023 වන අධිකාරී) අනුකූලව මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රී රෝද රථවල) අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය කිරීමේ කටයුතු සඳහා නිර්ණායකයන් කිහිපයක් යටටත් අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම නියෝග පසුගිය 10 වනදා (2023-07-10) සිට බලාත්මක වනවා.

මාර්ග භාවිත කරන්නන්ට අනතුරක් හෝ අවහිරයක් නොවන පරිදි අලංකරණය සඳහා පමණක් තියුණු දාර රහිත ඉනිමගක් රථයේ පිටුපසින් සවි කිරීමට රුපියල් 1000ක ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව සිදු කර ගත හැකියි.

තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවි කිරීමට රුපියල් 2500ක් ගෙවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු වනවා.

ප්‍රධාන පහන් වෙනුවට එල් ඊ ඩී පහන් සවි කිරීම වෙනුවෙන් රුපියල් 1000ක් ගෙවිය යුතුයි.

ගුවන්විදුලි යන්ත්‍ර රැඳවීමේ උපකරණ ඉදිරි මධ්‍ය පැනලයට වම් පස කොටසේ ඇතුලුවීමට හා පිටවීමට බාධාවක් නොවන ලෙසට සවි කළ හැකි අතර ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදුවන්නේ නැහැ.

එමෙන්ම ප්‍රධාන පහන්වලට දෙපසින් වාහනයේ පළල සීමාව ඉක්මවා නොවන පරිදි සංඥා පහන් සහ නවතා තැබීමේ පහන් සවි කිරීමට, ඉදිරි වා මුවාවට ඉහළින් සන් වයිසරයක් සවි කිරීමට මෙන්ම ඉදිරිපස රෝදයට සම්බන්ධ ප්ලාස්ටික් මඩ්ගාඩ් වෙනුවට ලෝහ තහඩුමය මඩ්ගාඩයක් සවි කිරීමට ද ගාස්තු අය කෙරෙන්නේ නැහැ.