26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමතින් නිවසට පැමිණි පියා එළොව යැවූ දියණිය

බීමතින් නිවසට පැමිණි පියා එළොව යැවූ දියණිය

කලවංචිකුඩි ප්‍රදේශයේදී දියණියගේ පහර කෑමට ලක් වූ පියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි කලවංචිකුඩි, කළුදාවලී ප්‍රදේශයේ පදිංචි පුද්ගකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

බීමත්ව නිවට පැමිණ ඇති පියා හා මෙම දියණිය අතර එහිදී ඇති වූ ආරවුලකදී දියණිය විසින් පියාට පොල්ලකින් පහර දී තිබේ.

පොලු පහරින් තුවාල ලැබූ පියා රෝහල්ගත කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි පියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම දියණිය අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.